අනතුර සිදුවන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට නින්ද ගොස් තිබූ බව ඔහුගේ රියදුරු ප්‍රභාත් එරංග පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමිනි.
“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.”
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙයි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ තුවාල සිදුවී තිබූ බවයි.