දුශ්ශීල භික්ෂූන්ට එරෙහිව නිකායක් ලෙස ගත හැකි උපරිම පියවර ගන්නා බව රාමාඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් අධිකරණ සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
එහි දී තමන්ට ගත හැකි උපරිම පියවර භික්ෂූත්වයෙන් නෙරපීම බවත් රත්නපුරේ විමලබුද්ධි හෙවත් විශ්වබුද්ධිට එරෙහිව එම පියවර මේ වන විට ගෙන ඇති බවත් එහිමියන් පෙන්වා දෙති.
ඔහු තව දුරටත් භික්ෂුවත් නොව තෙයියසංවාචකයෙක් හෙවත් හොර පැවිද්දෙක් බවයි, ඕමල්පේ හිමි ප්‍රකාශ කළේ.
මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඕමල්පේ සෝභිත හිමි මේ බව පැවසීය.