යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සිවඥානම් ශ්රීධරන් දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස පත්විය.
එම සන්ධානයේ නව නායකයා තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ත්රිකුණාමලයේදී අද (21) පැවැත්විණ. එහි දී සිවඥානම් සිරිදරන් වැඩි ඡන්දයෙන් පක්ෂ නායකයා ලෙස තේරී පත්විය.
එම්.ඒ. සුමන්දිරන්, සිවඥානම් ශ්රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සින්නතම්බි යෝගේශ්වරන් නායකත්වය සඳහා තරග වැදිණි. එම රහස් ඡන්දයේ දී සිරිදරන්ට ඡන්ද 186ක් ද සුමන්දිරන්ට ඡන්ද 137ක් ද හිමි විය.
දෙමළ ජාතික සන්ධානය සඳහා නායකයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.