මාපිය පදනමින් පාර්ලිමේන්තු සේවයට බඳවා ගැනීම අහෝසියි..!

January 21, 2024 at 12:55 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවට සේවකයන් බඳවා ගැනීමේ දී මෙතෙක් අනුගමනය කළ මාපිය දූදරු පදනම අහෝසි කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල හා උපදේශක කාරක සභාව ඒකමතිකව තීන්දු කරයි.

මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භයේ සිට ම මව හෝ පියා පාර්ලිමේන්තු සේවකයෙක් නම් ඒ අයගේ දරුවන්ද අධ්‍යාපන සුදුසුකම් අනුව පාර්ලිමේන්තු සේවයට බඳවා ගනු ලැබිණි.

එහෙත් මෙම තීරණයත් සමඟ මාපිය දූදරු පදනම සේවකයන් බඳවා ගැනීම අහෝසි කෙරෙනු ඇති අතර ඉදිරියේ දී විවෘත අයැදුම්පත් ක්‍රමයක් අනුව පාර්ලිමේන්තුවේ සේවය සඳහා සේවකයින් බඳවා ගනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *