ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ ප්‍රතිපත්තියක ජාතික ජන බලවේගය නැතැයි ටිල්වින් සිල්වා පවසයි.
සිය පක්ෂයේ පසුගිය මහා මැතිවරණ හෝ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එවැනි කිසිදු සඳහනක් නොමැති බවයි, ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ.
ජාතික ජන බලවේගය සියලු ජන කොටස් ඒකරාශී කරගෙන ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන බව තහවුරු වී ඇති පසුබිමක බියට පත් කණ්ඩායම් විවිධ ප්‍රකාශවල කොටස්, වචන අල්ලා ගෙන බොරු ප්‍රචාරය කරන බවට ඔහු චෝදනා කළේය.
ජාතික ජන බලවේග මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.