පොලිසියේ ඇතැම් නිලධාරීන් නිවැරදිව කටයුතු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව පැවති බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (18) සංවිධානය කර තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
පාස්කු ප්‍රහාරය මෙන් ම ඊට පෙර සිටම සිදු වූ සිද්ධි දාමයන් සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු තමා විසින් ඉතා සමීපව අධ්‍යයනය කළ අතර ඒ අනුව එය වළක්වා ගත හැකිව තිබුණු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
පොලිසියේ ඇතැම් අය නිවැරදිව ක්‍රියා කළේ නම් සහරාන් ඇතුළු පිරිස ප්‍රහාරයෙන් බොහෝ කාලයට පෙරදී අත්අඩංගුවට ගැනීමට හැකියාව පැවතුණු බව ද ඔහු කීවේය.
ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය විශාල අතපසු කිරීමක් සිදු කර ඇති බව පිළිගත යුතු බව ද ඇමැති ටිරාන් අලස් සඳහන් කළේ ය.