ගිහියන්ට සිවුරු දැරීම තහනම් කරන නව නීති…!

January 16, 2024 at 2:15 pm | by emanisa.lk

ඕනෑම පුද්ගලයෙකුට සිවුරක් හැඳ ගෙන බුදු දහම උපහාසයට අපහාසයට හාස්‍යයට ලක්වන අයුරින් හැසිරිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

භික්ෂූන් වහන්සේ සිවුරක් දැරිය යුතු බවට විනය නීතියක් තිබුණ ද වෙනන් පුද්ගලයෙකුට සිවුරක් දැරීමට නොහැකි බවට නීතියක් නැතැයි හෙතෙම පෙන්වා දෙයි.

මේ නිසා ඕනෑ ම අයෙකුට සිය ඇඳුම යැයි පවසා සිවුරක් දැරීමට හැකි බවයි, උදය ගම්මන්පිල සඳහන් කළේ.

එහෙයින් සිවුර දැරිය හැක්කේ භික්ෂූන් වහන්සේලාට පමණයැයි නීතියක් වහාම ගෙන ආ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *