කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්තරේ ලීක් කළේ අම්පාරේ දමින්ද සර්…!

January 15, 2024 at 3:31 pm | by emanisa.lk

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ –2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැරි බව කියන අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද (14) නියෝග කළාය.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි.

විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ අධිකරණයට දැන්වීය.

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ බව ද අධිකරණයට දැන් වීය.

ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකක 3 අංශයේ නිලාධාරීන් කණ්ඩායමක් විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *