බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයට දැඩි විරෝධය පළ කර ඇත.
මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බවට පත්ව ඇතැයි මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවෝ පෙන්වා දෙති.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ලබන ජනවාරි මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇති අතර මේ අනුව ලක්ෂ 10ක්ව පැවැති ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වනු ඇත.