නයන වාසළතිලක මැති සබයට…!

January 13, 2024 at 9:32 am | by emanisa.lk

නයන වාසලතිලක 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්නේය.

සමගි ජනබලවේගය නියෝජනය කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට නයන වාසලතිලක මෙලෙස පත් කර තිබේ.

නයන වාසලතිලක සූපවේදය පිළිබඳව සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ස්විස්ට්සර්ලන්තයේ උපාධි ලබා තිබේ. සූපවේදියකු ලෙස දෙස් විදෙස් අද්දැකීම් සහිත නයන වාසලතිලක මේ වන විට ව්‍යවසායකයකු ලෙස දේශීය සහ විදේශීය ව්‍යාපාර කිහිපයකම හිමිකරු ලෙස කටයුතු කරයි.

නයන වාසළතිලක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසගේ ඥාතියෙකු ද වන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *