මහජන විරෝධය දැඩි වෙයි..! සෞඛ්‍ය වර්ජනය හකුළා ගනී…!

January 12, 2024 at 9:35 am | by emanisa.lk

වෛද්‍යවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද(11) පෙරවරුවේ අවසන් කිරිමට තීරණය කර තිබේ.

එම දීමනාව ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල විය.

කෙසේ වුවව ද වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන කටයුතු කිරීම පිළිබඳ වෘත්තීය සමිති වෙත මහජන අප්‍රසාදය එල්ලවී තිබේ.

මේ අතර වර්ජනය හේතුවෙන් අඩාල වූ සෞඛ්‍ය සේවාවේ කටයුතු පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට සේවයේ යොදවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *