අයිස් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 200කට අධික ප්‍රමාණයක් අඩංගු පැකට් 278ක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින යාත්‍රාවක් සැකකරුවන් පස් දෙනෙකු සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත ගෙනැවිත් තිබේ.
මෙම බහුදින යාත්‍රාව හපුගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බව නාවික හමුදාව කියයි.
යාත්‍රාවේ ගිය සැකකාර ධීවරයින් ඈත මුහුදේ දී ලබාගත් අයිස් හෙරොයින් ඇතුළු කිලෝ 200කට අධික මත්ද්‍රව්‍ය ගෙන එමින් සිටිය දී ලැබුණ තොරතුරක් අනුව නාවික හමුදාව විසින් හික්කඩුව ආසන්න මුහුදේදී එය අත්අඩංගුවට ගෙන ගාලු වරාය වෙත රැගෙනවිත් තිබේ.