වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශ්වවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසයි.
ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු ගෙන, නීතියෙන් කටයුතු කරන බව ද ඔහු කීවේය.
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් නැති රකුසෙක් මවා පාමින් විවිධ පාර්ශ්ව විසින් ජනතාව අතර සාවද්‍ය මත සමාජගත කර ඇති බව රජය පවසයි.
නව වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සාගල රත්නායක මේ බව කියා සිටියේය.