මියන්මාරයේ ත්‍රස්තවාදී කල්ලියක් විසින් පැහැරගත් ලාංකික තරුණයින් පිරිස නිදහස් කිරීමට රු. කෝටි 15ක කප්පමක් ඉල්ලා ඇතැයි නිල නොවන වාර්තා පළවෙයි.
ඇතැම් රටවල් මෙලෙස සිය ප්‍රාණ ඇපයට ගත් සිය පුරවැසියන් අදාළ කප්පම් මුදල් ගෙවා නිදහස් කරගෙන ඇතැයි දැන ගන්නට තිබේ.
කෙසේ වුව ද මෙම තොරතුරු නිළ වශයෙන් තහවුරු කර නොමැති අතර ලංකා ආණ්ඩුව මෙතෙක් ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් වන්නේ නැත.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන පවසා තායිලන්තයට රැගෙන ගොස් අනතුරුව මියන්මාරයේ Cyber Criminal Area නම් පෙදෙසක ත්‍රස්ත කඳවුරක රඳවා ගෙන දිනකට පැය 17ක් බලහත්කාරයෙන් වැඩ ගන්නා බව වාර්තා වෙයි.