පොදු අපේක්ෂකයා වෙන්න සූදානම්…! – දයාසිරි ජයසේකර…

December 27, 2023 at 7:49 pm | by emanisa.lk

1994 වසරේ සිට රටේ ජනාධිපති ධූරයට පත්වූයේ වාමාංශික ප්‍රගතිශීලී බලවේගවල නායකයින් බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

එහෙත් අද වමේ ප්‍රගතිශීලී ජාතිකවාදී බලවේගවලට මේ වන විට නායකයෙක් නැති තත්ත්යට ඇති බවයි, ඔහු සඳහන් කළේ. මහින්ද රාජපක්ෂට නැවත තරඟ කළ නොහැකි නිසා පොදුජන පෙරමුණ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පසුපස යමින් ඇතැයි ද දයාසිරි ජයසේකර කීය.

මේ වන විට පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට දැනට සිටින්නේ 50 දශකයේ උපන් නායකයින් බවත් එය තරුණ පරපුරට ලබා දිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

නීතී උපාධිධාරියෙකු, නීතීඥයකු, ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරයේ නායකයෙකු මෙන් ම 27 වසරක දේශපාලන අත්දැකීම් ඇති තමන් එම අභියෝගය භාර ගැනීමට සූදානම් බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වීමට ආරාධනයක් ලැබුණහොත් එය භාර ගන්නේ දැයි මාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *