පාර්ලිමේන්තු සේවක වරප්‍රසාද මල්ලක් අහෝසියි…!

December 23, 2023 at 5:43 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ සේවකයන්ට ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට මෙතෙක් නිකුත් කෙරෙන බස් ගමන් බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කිරීමට තීරණය කර තිබේ.

1981 වසරේ සිට වසර 40කට අධික කාලයක් පාර්ලිමේන්තු සේවකයින්ට මෙම වරප්‍රසාදය හිමිව ඇති අතර ඒ සඳහා මේ වන විට වාර්ෂිකව කෝටි 8ක මුදලක් දැරීමට සිදුව තිබේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව එය දැරිය නොහැක්කක් හෙයින් ලබන වසරේ සිට එපමණ මුදලක් වෙන් කළ නොහැකි‍ බව භාණ්ඩාගාරය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වුව ද පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා දැනට නොමිලේ යෙදවෙන ලංගම බස් රථ නවය දිගටම ක්‍රියාත්මක කෙරෙන බව දැන ගන්නට ඇත.

එසේම පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දින වැඩ කිරීම වෙනුවෙන් වර්ෂ අවසානයේදී අතිරේක දීමනා ගෙවීම ද මේ වසරෙන් පසු නතර කිරීමට රජය තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *