රජයේ සේවකයින්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.
මේ සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර තිබේ.
එම නිවාඩු අඩු කරන ලෙස යෝජනා කර ඇත්තේ අනියම් නිවාඩු දින දහයක් සහ විවේක නිවාඩු පහළොවක් වශයෙනි.
විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදමෙන් සියයට එකොළහයි දශම හතරක් බවත් එම වියදම් කළමනාකරණය කිරීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායක විය යුතු බවත් සඳහන් කරමින් අධ්යක්ෂ ජනරාල්වරයා යෝජනා හතළිහක් ඉදිරිපත් කර ඇත.
එමෙන්ම මාසික විශ්‍රාම වැටුප් හිමි විදේශගතව වෙසෙන්නන්ට ගෙවනු ලබන මෙරටට අදාළ ජීවන වියදම් දීමනාව නතර කරන කිරීමට ද විශ්‍රාම වැටුප් හිමිකම ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු අවම දළ සේවා කාලය මාස 120 සිට 180 දක්වා වැඩි කිරීම ද රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු හතළිස් පහේ සිට හතළිහ දක්වා පහත හෙළා බඳවා ගැනීම සීමා කිරීමට ද මෙම වසරේ සහ ලබන වසරේ විශ්‍රාම ලබන්නන්ට අදාළ පාරිතෝෂික මුදල් වාරික වශයෙන් ගෙවීමටත් යෝජනා කර ඇත.