චාමර තවමත් දැඩි සත්කාර ඒකකයේ…!

December 23, 2023 at 11:35 am | by emanisa.lk

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහට තවත් කෙටි කලක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නට සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය පවසයි.

චාමර වීරසිංහ අසනීප තත්ත්වයක් මත පසුගිය ඉරිදා (17) කළුබෝවිල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබිණි.

ඔහුට මේ වන විට නිව්මෝනියා රෝගී තත්ත්වය පවතින බවත් පරීක්‍ෂණ කිහිපයක් සිදුකර ඇති බවත් තව දුරටත් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බැවින් ටික කලක් රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇති බවත් රෝහල් අධ්‍යක්‍ෂිකාව වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *