මෙරට කුඩු සැපයුම් ජාලයේ මහ මොළකරු සොයාගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි පවසයි.
මේ රටේ කුඩු විකුණා ලැබෙන රුපියල් ඩොලර් බවට පත්කොට උන්ඩියල් කරන ආකාරය බුද්ධි අංශවලට සොයාගත නොහැකි යැයි තමන් විශ්වාස නොකරන බවයි, ඔහු සඳහන් කළේ.
එම ජාලය කඩා දැමිය හැකි නම් රටට කුඩු පැමිණීම ඉබේම නතර වන බව ද හෙතෙම පෙන්වා දෙයි. කිසිවෙකු කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔහුගේ පක්ෂය අදාළ නොවන අතර උපරිම දඬුවම් ලබා දිය යුතු බවයි, හෙක්ටර් අප්පුහාමි අවධාරණය කළේ.