ධර්ම චක්කරේ නොදැන චක්කරේ දැනං වැඩක් නෑ..!

December 22, 2023 at 12:15 pm | by emanisa.lk

අපේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ගැටලු ගණනාවක් ඇතැයි ද එහෙයින් එය වෙනස් කළ යුතුව ඇතැයි ද ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාසලේ උගන්වන ගණිතය හැර සෙසු සියලු විෂයන්හි මැන බලන්නේ කට පාඩම් කිරීමේ හැකියාව බවයි.

ගණිතයේ ඉගැන්වෙන චක්‍රය දැන සිටිය ද ධර්ම චක්‍රය, අටලෝ දහම නොදන්නේ නම් පලක් නැතැයි හෙතෙම සඳහන් කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යා සිය දිවි නසා ගන්නේ ලාභ-අලාභ, යස-අයස, නින්දා -ප්‍රශංසා, දුක-සතුට යන අටලෝ දහම නොදැන සිටි නිසා බව ද දිලිත් ජයවීර පෙන්වා දෙයි.

පේරාදෙණිය සාරානන්ද පිරිවෙනෙහි පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *