මිල්කො සමාගමේ සභාපති ධූරයෙන් රේණුක පෙරේරා ඉල්ලා අස් වී තිබේ.
හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ යුගයේ ලාභ ලැබූ මිල්කෝ ආයතනය නැවත පාඩු ලැබූවේ රේණුක පෙරේරාගේ පාලනය යටතේය.
ලසන්ත වික්‍රමසිංහ සභාපති ධූරයට පත්ව යහපාලන යුගයේ පාඩු ලබමින් පැවැති මිල්කෝ ආයතනය ලාභ ලබන තැනට ගෙන ආවේය.
පසුගිය සමයේ රේණුක පෙරේරාට එරෙහිව සේවකයින් දැඩි විරෝධයක් එල්ල කළේය.