ජනවාරියේ ගෑස් මිල රු. 600කින් ඉහළට…!

December 15, 2023 at 9:19 am | by emanisa.lk

ජනවාරි 01 වැනිදා සිට සියයට දහ අටක් වන වැට් බද්ද ගෑස් සඳහා ද පැනවීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් හයසියයකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

ලෝක වෙළෙඳපොළේ යම් මිල උච්චාවචනයක් සිදුවුවහොත් ඒ මිල ඉහළ යෑමේ ප්‍රතිශතය වෙනස් විය හැකි බව ද සඳහන්ය. මීට වසර පහළොවකට පමණ පෙර ගෑස් මත වැට් බදු පැනවීම ඉවත්කර තිබිණි.

දැනට පවතින තත්ත්වය අනුව කිලෝග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරයක මිල වැට් බදු පැනවීමත් සමග රුපියයල් 257 කින්ද කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින්ද ඉහළ දැමීමට සිදුව ඇත.

ඉකුත් නොවැම්බර් මස 04 වැනිදා කළ මිල සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3565 ලෙසද කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 1431 ක් ලෙසද කිලෝ ග්‍රෑම් 2.5 සිලින්ඩරයක මිල රු. 668 ක් ලෙස සටහන්ව තිබිණි. මේ මිල ගණන ප්‍රවාහන වියදම් මත ඒ ඒ දිස්ත්‍රික්කයට අනුව වෙනස් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *