බදු බරින් පීඩිත ජනතාවට එල්ලෙන්න කඹයෙකුත් දුන්නා නම් අයවැය යෝජනා සම්පූර්ණ බවද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.
අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එක දෙයක් අමතක වී ඇතැයි ද ඊයේ (13) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම කීය.
ජනතාවගෙන් පළිගන්න චේතනාවෙන් මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවාදැයි සිතෙන බව කී මන්ත්‍රීවරයා, අද අහිංසක දුප්පත් ජනතාව කෙරෙහි වෛරයෙන් ආණ්ඩුව කටයුතු කරන බව පේන්නට තිබෙන බව සඳහන් කළේය.
ගෙවල් ගිනි තැබුවාට වෛරයෙන් මෙහෙම ජනතාවට වද දෙනවාදැයි රාජකරුණා ප්‍රශ්න කරයි.
මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්තිය මාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.