පාන් කෑල්ලක් එක්ක මස් ඩිංගක් කන්න බැරි ජනතාවට බදු ගහන්න එපා…! – එරාන්…

December 12, 2023 at 1:17 pm | by emanisa.lk

පාන් සමග මස් කෑල්ලක් කන්න ශක්තියක් නැති මිනිසුන්ගෙන් බදු එකතු නොකර බදු ගෙවන්නට හැකියාවක් ඇති පිරිසගෙන් බදු අය කර ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

රාජ්‍යයට ආදායම අවශ්‍ය බව පිළිගන්නා බව කී මන්ත්‍රීවරයා, එම ආදායම එකතු කර ගන්නේ කාගෙන්ද යන ප්‍රශ්නය ඉතා වැදගත් බව සඳහන් කළේය.

වැට් ගැසීමෙන් වැඩිවෙන උද්ධමන බර දරන්නට වන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට බව ද හෙතෙම කීය.

රාජ්‍ය ආදායම සියයට 45 කින් වැඩි කළ යුතුව තිබෙන අතර ඒ ආදායමෙන් සියයට 56ක් ලබාගත යුතුව ඇත්තේ වැට් බද්ධ මගින් බව මන්ත්‍රීවරයා පැවසීය.

ආණ්ඩුවට ඕන පනතක් ගේන්න පුළුවන් වුවද පාර්ලිමේන්තුව තියෙන්නේ ඒවා වාද විවාද කරන්නැයි කී එරාන් වික්‍රමරත්න, වැට් බදු පනතට විපක්ෂයේ මතය දැක්වීමට ආණ්ඩුව අවස්ථාව දුන්නේ නැතැයි ද චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *