SLVlog නම් YouTube නාළිකාවට එරෙහිව අද (08) කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, අදාළ නාළිනාවේ හසලක තුෂාර සංජීවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.
මෝඩාභිමානය නම් වැඩසටහනක දී බුදු දහමට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් පදනම් විරහිත සහ අපහාසාත්මක ලෙස SLVlog Pod Talks හරහා හසලක තුෂාර සංජීව විසින් වැඩසටහනක් විකාශය කර තිබුණි.
ඊට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම විසින් එම නඩුකරය ගොනුකර තිබේ.