මා මරා දැමුවොත් ජනාධිපති වගකිව යුතුයි..! – ක්‍රීඩා ඇමැති..

November 27, 2023 at 12:44 pm | by emanisa.lk

තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

“කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ.

ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. මේ 134ක් එතුමාට ඡන්දය දුන්නේ ජනාධිපති වෙලා අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා.”

අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *