නියමිත පරිදි ක්‍රීඩා සංගම් නියාමනය කරන්නේ නම් කුසලාන පදක්කම් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි යැයි ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ක්‍රීඩාවට වෙන් කරන මුදල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසාම යොදවන්නේ නම් ගම්වල සිටින දක්ෂ දරුවන් ඉදිරියට යොමු කිරීමේ හැකියාව පවතින බව ද හෙතෙම තව දුරටත් කීය.
මහනුවරට පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි ඊයේ (25) බැහැ දැක මේ බව සඳහන් කළේය.
මෙම වර්ෂය තුළදී දක්ෂ කණ්ඩායම් හඳුනා ගැනීමක් කළ බව ද අමාත්‍යවරයා කීවේය. ඒ යටතේ විවිධ ක්‍රීඩා ඉසව් තුළින් පදක්කම්, කුලසාන 170ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූ බව ද ඇමැතිවරයා කීවේය.
ගම්මානවල ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කොට ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දිය යුතු යැයි ද ඇමැති රණසිංහ සඳහන් කළේය.