නීතිපති යද්දි ක්‍රිකට් නඩු තීන්දුව දීලා ඉවරයි..! – ජනපතිගෙන් හෙළිදරව්වක්…

November 22, 2023 at 4:25 pm | by emanisa.lk

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව තමන් ක්‍රිකට් ආයතනය විසින් අධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිතව තිබූ නඩුවට පෙනී සිටින ලෙස නීතිපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා අද (22) පාර්ලිමේන්තුවේදී මේ බව හෙළිදරව් කළේය.

ඊට පසුදින නඩුව සඳහා ඔවුන් අධිකරණය වෙත යන විට උදෑසන 10.30 වී ඇති බවත් ඒ වන විට නඩු තීන්දුව ලබා දී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් නියමිත වෙලාවට ඔවුන් අධිකරණය වෙත ගියේ නම් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන අවස්ථාවක අධිකරණයෙන් යම්කිසි වෙනත් තීන්දුවක් ලබාදීමට හැකියාව තිබූ බව ජනපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *