අපි ගිනි කන්දක් උඩ සොසේජස් බැඳං කනවා..! – බන්දුල..

November 17, 2023 at 3:06 pm | by emanisa.lk

අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ගිනිකන්ද පිපිරුවොත් කවුරුවත් ඉතුරු වෙන්නේ නැතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

මේ වන විට තිබෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන තිස් හයක් බව කී අමාත්‍යවරයා අවුරුදු විස්සකටත් පස්සේ ණය ගෙවන්නට තිබෙන බව ද පෙන්වා දුන්නේය.

ආණ්ඩුව කවුරු ගත්තත් එම ණය ගෙවන්න නීතියෙන් බැඳී සිටින බව කී බන්දුල ගුණවර්ධන, ණය ගෙවුවේ නැතොත් ඇමරිකා එක්සත් ජනපදයේ හැමිල්ටන් උසාවියේ නඩු පවරනු ඇති බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *