ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
තමාට විවිධ තර්ජන ඇති බව රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා පැවසීය.
සිය ගමන් බෑගයට ඩුබායිහිදී මත්ද්‍රව්‍ය පාර්සලක් දැමීමට දරූ උත්සාහයක් ගැන ද ඇමැතිවරයා එහිදී හෙළි කළේය.