වෛද්‍යවරුන්ගේ බදු ඉවත් නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා..! – GMOA…

November 10, 2023 at 5:31 pm | by emanisa.lk

වෛද්‍යවරුන් සඳහා බලපා තිබෙන බදු ගැටළුව ඇතුළු සෞඛ්‍ය පද්ධතියේ ප්‍රශ්න සම්බන්ධයෙන් හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ජාවේදී විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ හෙට පැවැත්වෙන සාකච්ජාවේ ප්‍රගතිය අනුව රටේ සෞඛ්‍ය පද්ධතියේ අනාගතය රැඳී තිබෙන බවයි.

“ඖෂධ ප්‍රශ්නය දවසින් දවස වැඩිවෙනවා. රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම දැඩි අවධානමකට ලක්වෙලා. වෛද්‍යවරු 5000ක් රට යන්න බලාගෙන ඉන්නවා. අවසානයේ වින්දිතයින් බවට පත්වෙන්නේ අහිංසක ජනතාව. සෞඛ්‍ය රැකගන්න නම් ප්‍රමුඛව කරන්න ඕන වෛද්‍යවරු රට තුළ රැකගන්න එක.

ආරම්භ කරල තියෙන වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මකයි. මේ ගැටලු පිළිබද හෙට ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් කරනවා. අපි බොහොම ඉවසීමෙන් කටයුතු කරන්නේ. හෙට දවසේ ‍රජයට එකඟතාවන් පලකරන්න බැරි නම් අපගේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා.

මේ සාකච්ජාව මත තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ අනාගතය රැඳී තියෙන්නේ. අපි පසුගිය විධායක සභාවේදී තීරණය කළා එකඟවුණ කාරණා ඉටු කරන්නේ නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *