ක්‍රිකට් රකින්න 225 ම එක්වෙයි..! ලොක්කන් දියවන්නාවේ ගිල්වන තීන්දුව හෙට..!

November 8, 2023 at 5:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් හෙට (9) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී අද (8) තීරණය විය.

එම විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හදිසියේ රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (8) දහවල් පැවැත්විණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් වහාම ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *