පොලිස්පතිවරයාගේ සේවා දීර්ඝය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති හෙයින් මේ රටේ පොලිස්පතිවරයකු නැති බවත් මේ හේතුවෙන් පොලිසිය අරාජික වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
රටේ නීතිය හා සාමය සමග සෙල්ලම් නොකරන්නැයි ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
“පොලිස්පතිවරයාට ව්‍යවස්ථාදායක සභාව අනුමත නොකරන සේවා දිගුවක් දෙන්නෙ කොහොමද. මම දන්න විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒක අනුමත කරන්න ඕන. ජනාධිපතිතුමා තමයි පත්කිරීමේ බලධාරියා. එය අනුමත කරන බලධාරියා ව්‍යවස්ථාදායක සභාව.
දිගින් දිගටම සේවා දිගු දෙනකොට අනුමත නොකරනවා නම් ඒක ගැටලුවක්. නිත්‍යානුකූල නොවන පොලිස්පතිවරයකු තබාගෙන රට ඉදිරියට යන්නේ කොහොමද?”
විමල් වීරවංශ මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමු කරමිනි.