තමන් දේශනයක් අතරතුර ග්රැෆීන් වෙනුවට ග්රැෆයිට් යැයි පැවසීමෙන් සිදු වූ වචනයක අත්වැරදීම අද වන විට සමාජය තුළ විශාල කතාබහකට ලක්ව ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක සඳහන් කරයි.
එහෙත් තමන් එම වචනය නිවැරදි ආකාරයෙන් පනස් වතාවට වඩා පවසා ඇතත් ඒ ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වූයේ නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් අනුර දිසානායක මේ බව කියා සිටියේය.
එහෙත් වඩා ප්රබල වන්නේ තමා අතින් සිදුවූ වචනයක වරද ද ලංකාවට සිදු වී ඇති වරද දැයි ඔහු එහිදී වැඩි දුරටත් ප්රශ්න කළේය.