හැමෝම එකතු වෙලා මට ගහන්නේ බයට..! – මෛත්‍රී…

November 3, 2023 at 4:14 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තව දුරටත් තමාට ප්‍රහාර එල්ලකිරීම පසුපස විවිධ දේශපාලන කණ්ඩායම් ඇති බවත් එම ප්‍රහාර තමන්ට ඇති බය නිසා සිදුකරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කිසි විටෙකත් ජනාධිපතිවරයා දැනුම්වත් කර නොතිබූ බව මේ වන විට හෙළි වී ඇති බව ද හෙතෙම කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණය කළ නියෝගයේ සම්බන්ධයෙන් සඳහන් වන බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *