හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට චීනයේ සිනොපෙක් සමාගම සූදානම් වෙයි.
ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ඉදිරි සති දෙකක පමණ කාලය තුළ සිදුවන බව සඳහන්ය.
මෙම ව්‍යාපෘතිය සඳහා විටෝල් නම් සිංගප්පූරු සමාගම ද ඉදිරිපත්ව සිටි නමුත් පසුව එම සමාගම ඉවත් වීම හේතුවෙන් සිනොපෙක් සමාගමට ව්‍යාපෘතිය හිමිව තිබේ.
පසුගියදා චීනයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම සංචාරය අතරතුර සිනොපෙක් සමාගමේ ප්‍රධානියා ද හමු වී තිබිණි.