සියදිවි නසා ගත් කතා බොරු..! දිනේෂ් ෂාෆ්ටර් මරා දමලා..!

November 1, 2023 at 4:09 pm | by emanisa.lk

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කළ නියෝගයේ සඳහන් වේ.

මරණ පරීක්ෂණයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ, අදාළ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණ විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සෙසු තොරතුරු සැලකිල්ලට ගෙන එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.

එසේම මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ 4:1 බහුතර සාමාජිකයින්ගේ මතය මෙම තීන්දුව දීම සඳහා පදනම් කරගත් බවත් ඇය කියා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *