මෙරට පලස්තීින සහයෝගිතා සංවිධානය ගොඩනඟා පලස්තීන ජනතාව වෙනුවෙන් එදා සිට පෙනී සිටියේ සිය පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
රාජ්ය නායකයෙකු වෙනුවෙන් ලොව වෙනත් රටක යම් සංකේතයක් නම් කර ඇත්නම් ඒ මහින්ද රාජපක්ෂ නමින් නම් කළ පලස්තීන මාර්ගය බව ද හෙතෙම කීය.
1967 එකඟතා අනුව පලස්තීන ඊශ්රායෙල් දේශසීමා පිළිගෙන කටයුතු කළ යුතු බවත් පලස්තීන ජනතාව වෙනුවෙන් තමන් හැමදාම පෙනී සිටින බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කළේය.
අද (20) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්රීවරයා මේ බව කීය.