ජාතික උරුමයට සෙනසුරු ලබයි…! ඓතිහාසික ආරාමයක් ඩෝසර් කරයි…!

October 17, 2023 at 5:23 pm | by emanisa.lk

අනුරාධපුර ඉපැරණි ඓතිහාසික ආරාම පරිශ්‍රයක් ඩෝසර් යන්ත්‍ර යොදවා සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවට පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ චෝදනා කරති.

මෙය ක්‍රි.ව. 5-6 වන සියවස්වලට අයත් කිරිබත් වෙහෙරට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නයෙන් පිහිටා පබ්බතාරාම විහාර සම්ප්‍රදායට අයත් ආරාම පරිශ්‍රයක් බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.

භූමිය පුරා තැන තැන විසිරුණු පුරාවස්තුවලට දැඩි ලෙස හානි සිදු කර තිබෙනවා. පොහොය ගේ, පිළිම ගේ, භික්ෂු ආරාම කුටිවලට විශාල හානියක් සිදු කර තිබෙනවා. මෙතෙක් කිසිදු පුරාවිද්‍යා කැණීමක් සිදු කර නැති බිමක් ඩෝසර් යොදා විනාශය නිසා ජාතිය සතු ඓතිහාසික උරුමයකට විශාල හානියක් සිදු වී අවසානයි.”

සමිත හිමියන් මේ බව කියා සිටියේ, බටලීයේ පිහිටි එම සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *