ලෝකයේ විශාලතම රාජ්‍ය බැංකු 30ට ඇතුළත් වන බැංකු දෙක ද ඇතුළු රාජ්‍ය බැංකු හයක කොටස් පෞද්ගලික අංශයට විකිණීමට රජය සැලසුම් කරමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පවසයි.
මෙහි මුල් පියවර වශයෙන් රාජ්‍ය බැංකු, සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඒ අනුව දැනට ක්‍රියාත්මක රාජ්‍ය බැංකු පනත් අහෝසි වන බව ද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය බැංකු පිහිටුවීමේ පරමාර්ථය වන්නේ ඈත ගම්නියම්ගම්වල ජනතාවට සේවය කිරීමට විනා ලාභ අපේක්ෂාව මූලික කරගෙන ක්‍රියා කිරීම නොවන බව ද ඔහු අවධාරණය කරයි.
රාජ්‍ය බැංකු දේශපාලන බලපෑම්වලින් සහ ව්‍යාපාර මාෆියාවෙන් ගලවාගැනීම සඳහා ඉදිරියේදී ජනතාව සමඟ ද සම්බන්ධ වී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.