මේ රටේ සිටින සියලු දෙනා ආගම් ජාති භේදයකින් තොරව සිංහල බෞද්ධ සභ්‍යත්වයේ කොටස්කාරයින් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
එහි කොටස්කාරයින් වන්නට කිසිවෙකු ආගමින් බෞද්ධ විය යුතු නැති බවයි, ඔහු ප්‍රකාශ කළේ.
දිලිත් ජයවීර පෙන්වා දෙන්නේ මේ රටේ සිටින්නේ අරාබි මුස්ලිම්වරුන් නොව සිංහල බෞද්ධ මුස්ලිම්වරුන් බවයි.
සිංහල බෞද්ධ සංස්කෘතිය වැනි දෙවියෙකු සහ පණිවිඩකරුවෙකු නොමැති සභ්‍යත්වයක් ලෝකයේ ඉතා ම දුර්ලභ බවත් එක ම දෙවියන්ගේ පණිවිඩකරුවන් දෙදෙනෙකු අදහන පිරිස් පවා ඊශ්‍රායලය සහ පලස්තීනය ලෙස බෙදී යුද වදින බවත් ඔහු කීය.