ජනපති මැදුර බදු දෙයි…!

October 14, 2023 at 12:52 pm | by emanisa.lk

යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (ස්ලිට්) බදුදීමට රජය තීරණය කර තිබේ.

මෙම මන්දිර පරිශ්‍රය කන්කසන්තුරේ අක්කර 29ක භූමි භාගයක පිහිටා තිබෙන අතර ඉන් අක්කර 12ක ගොඩනැගිලි පිහිටා ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ (2010-2015) එහි ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ඉතිරි භූමි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරාගනු ලැබූ ඉඩම්වලින් සමන්විත වෙයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම සම්පූර්ණ ඉඩම බදු දීමේ තීරණයට එළඹ තිබේ.

රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් ස්ලිට් ආයතනයට බදු දීමට ද ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත ස්ලිට් ආයතනයට බදු දීමට තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *