පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම සේවා දිගුව අත්සන් තබා ඇතැයි වාර්තා වෙයි.
මීට පෙර මාස තුන බැගින් වූ සේවා දිගු දෙකක් ලබා සිටි සී. ඩී. වික්‍රමරත්න අවසන් සේවා දිගුව නිම වී විශ්‍රාම ලැබුවේ ඉකුත් 25 වැනිදාය.