ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි…! ඉන්පසු ලෝකය ම අපේ අණට යටත්…! – හමාස් අණදෙන නිලධාරී…

October 12, 2023 at 12:34 pm | by emanisa.lk

ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් කෙටි වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව, මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති බව පැවැසෙයි.

“ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වේවි” යැයි මහමුද් අල් සහාර් සඳහන් කර ඇත.

අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ යැයි ද මහමුද් අල් සහාර් එම වීඩියෝව මගින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *