මුලතිව් විනිසුරු සරවනරාජා ධූරයෙන් ඉවත් වීමට සතියකට පෙර සිය මෝටර් රථය විකුණා දමා බටහිර තානාපතිවරුන් දෙදෙනෙකු ද හමු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එම විනිසුරුවරයාට ජීවිත තර්ජන ඇති බවට කිසිදු ආයතනයකට පැමිණිලි කොට නොමැති වුව ද ඔහුගෙන් නිරතුරුව සිදුවන හිරිහැර පිළිබඳ ඔහුගේ බිරිඳ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කොට ඇති බවයි.
සරවනරාජා විනිසුරුවරයාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පහක් ඇතැයි ද මානසික ආබාධයකින් පෙළෙන සිය සැමියාට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවට ඔහුගේ බිරිඳ මුලතිව් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
කුරුන්දි විහාරය අසල දී දෙමළ සන්ධාන මන්ත්‍රී ටී. රවිහරන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දුන් විනිසුරුවරයා, තමන්ට අවස්ථාව ලබා නොදුන් බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයට අමතරව තමන් කිසිදු තර්ජනයක් ඔහුට නොකළ බවත් සරත් වීරසේකර අවධාරණය කරයි.