ලංකා ඉන්දියන් ඔයිල් සහ සිනොපෙක් සමාගම් පෙට්‍රල් සහ ඩීසල් වර්ග අලෙවියෙන් පාඩු ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඇමැතිවරයා පවසන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පමණක් මේ වන විට ඉන්ධන අලෙවියෙන් ලාභ ලබන බවයි.
ඒ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 01 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 39 ක ද, ඩීසල් ලීටරයකින් ශත 51 ක් ද, භූමිතෙල් ලීටරයකින් ශත 15 ක් ද වශයෙනි.