මෙරට ජනතාව යුක්ති ගරුක සහ සදාචාර සම්පන්න කිරීම සඳහා කහ සිවුරු, සුදු ලෝගුව ඇතුළු සියලුම ආගමික නායකයන් එකතු විය යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.
වර්තමානයේ විවිධ ආගම් අදහන බවට ප්‍රකාශ කළ ද ඒ සියල්ල මුසාවක් බවත් පත් වී මෙරට සමාජය පාපිෂ්ඨ තත්ත්වයට පත්ව ඇති බවත් කාදිනල්තුමා කීවේය.
ඩොලර් ලැබෙනවා නම්, රටේ නායකයන් ද ඕනෑම දූෂිත ක්‍රියාවක් සිදු කිරීමට පෙළඹී ඇතැයි ද කී කාදිනල්තුමා එවැනි තත්ත්වයක් තුළ රට හරිමගට ගැනීමට ආගමික නායකයන් එක්විය යුතු බව ද පැවසීය.
එතුමා මේ බව කියා සිටියේ, ඇඹිලිපිටියේදී පසුගියදා පැවති උත්සවයක් අමතමිනි.