චැනල් 04 විකාශය කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චිත්‍රපටය පදනම් විරහිත බව එහි නිෂ්පාදකවරුන් විසින්ම ජිනීවා හිදී පිළිගෙන තිබේ.
චිත්‍රපටයේ අධ්යක්ෂ Thom Walker සහ නිෂ්පාදක Ben de Pear යන දෙදෙනාගෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔවුන් පවසන්නේ තම එහි ප්‍රධාන භූමිකාව රඟ දක්වන අසාද් මවුලානා කියන ආකාරයට සහරාන් හෂීම් සහ බුද්ධි අංශ නිලධාරී සුරේෂ් සලේ අතර හමුවක් සිදු වූ බවට තමන් සතුව කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
එපමණක් නොව සහරාන් සහ සලේ අතර කිසිදු ආකාරයේ සම්බන්ධයක් තිබූ බවට හෝ තමා සතුව කිසිදු සාක්ෂියක් නොමැති බවත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා එහිදී ප්‍රකාශ කරයි.
මෙම හෙළිදරව්ව සිදුකරන්නේ පසුගිය දිනවල ජිනීවාහී පැවැති මානව හිමිකම් සැසිය අතරතුර සිය චිත්‍රපටය ප්‍රචාරය කිරීම සඳහා ඔවුන් එහි ගොස් තිබූ අවස්ථාවේය.