සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කොට සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලබා දුන්නේ තමන් බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එලෙස කටයුතු කළ තමන් නරක යැයි සරත් ෆොන්සේකා පවසන්නේ නම් ඊට පෙර තමන් දුන් ෆීල්ඩ් මාර්ෂල් කෝට් එක ගලවා පැත්තකින් තැබිය යුතු බවයි.
ලක්ෂ 10ක හමුදාවකට නායකත්වය දුන් හමුදාපතිවරයෙකුට පමණක් හිමි වන ෆීල්ඩ් මාර්ෂල් තනතුර තමන් සරත් ෆොන්සේකාට ලබා දුන්නේ කළගුණ සලකා බව ද හෙතෙම කීය.
සරත් ෆොන්සේකා යුද්ධ කරන්න යැයි ගොස් කිලිනොච්චියේ කොන්ක්රීට් බංකරයක සැඟව සිටි බවත් ඔහු කළ යුද්ධයක් නැති බවත් හිටපු හමුදා නිලධාරීන් තමන් සමග ප්රකාශ කළ බව ද හෙතෙම කීය.
බල්ලන් තම කකුල සැපුව ද තමන් පෙරළා බල්ලාගේ කකුල සපන්නේ නැතැයි ද මෛත්රීපාල සිරිසේන වැඩි දුරටත් සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්රහාරය පිළිබඳ විවාදයට එකතු වෙමිනි.