පාස්කු ප්‍රහාරය සමග ප්‍රසිද්ධියට පත් සොනික් සොනික් යනු IP බණ්ඩාර බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්නා ලෙස ISIS සංවිධානයට මාතලේ පොඩි සහරාන් මාර්ගයෙන් දැනුම් දී ඇත්තේ ඔහු බවයි, සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොනික් පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමත් සමග ජාතික බුද්ධි අංශ විසින් සොනික් රැගෙන ගොස් ඇති බව ද පියතුමා අනාවරණය කරයි.
සිරිල් ගාමිණී පියතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඊට පසු සොනික් සොනික්ට සිදුවූයේ කුමක් දැයි කිසිවෙකු නොදන්නා බවත් ඒ පිළිබඳ වහාම විමර්ශන කළ යුතු බවත් ය.